Saturday, August 2, 2014

සිංහල විවාහයේ අංග 03


  •  මංගල භෝජනය
      පැදුරු මත වාඩි වී සාමගිව, භුක්ති විඳන මංගල භෝජනය අද  වන විට, මේස පුටු සැරසිලි කරන ලද ‘මඟුල් මඩුවක්’ දක්වා පිවිස ඇත. එදා මංගල පෝරුවෙන් බසින යුවති පති දෙපළ පළමුව සිදු කළ කාර්ය වූයේ, මංගල භෝජනය ගැනීමයි. මනාලයා සහ මනාලිය මෙහිදී එක බඳුනේ ආහාර ගත්තෝය.
      මංගල භෝජන සංග්‍රහය අවස්ථා 04 කින් යුක්ත විය.


  • ලාදර බත        :-     මඟුල් ගෙදරට උදව් පදව් කළ නෑදෑයන් වෙනුවෙන් දෙනු ලබන බතයි.
  • ආදර බත        :-     මංගල භෝජනයයි.
  • කෑදර බත       :-     මඟුල් ගෙදරට වෙහෙස මහන්සි වූ නෑදෑ හිතවතුන් වෙනුවෙන් දෙනු ලබන බතයි.
  • යෝදර බත    :-      පසුදා මනාලයා දෙනු ලබන විශේෂ බතයි.






--------------------------------------------------------------------------------------------------------------



  • යුවලට ආශිර්වාද

    මංගල භෝජන‍යෙන් පසු, අතීතයේ නම් කවිකාර මඩුවක් පැවැත්විණි. එය පසු කලෙක කතා පැවැත්වීම, මනාලියට මනාලයාට අවවාද දීම්, සංග්‍රහ උදෙසා ස්තූතිය ප්‍රකාශය, ගුණ කීම ආදියෙන් සමන්විත සභාවක් බවට පත් වි ඇත. මනාලිය, මනාලයාගේ මවට භාර දීම, මනාලියගේ මව, පියා ඇතුළු වැඩිහිටියන්ට වැඳ නමස්කාර කිරීම් එහිදී සිදුවේ. විශේෂයෙන්, මනාලිය කැන්දාගෙන යාමට ආසන්නව ඇය‍ට අවවාද දීම් සිදු වේ.



--------------------------------------------------------------------------------------------------------------



  • මංගල පෙරහැර

මනාලිය කැන්දාගෙන ‍යන මෙම මංගල පෙරහැර ඉතා අලංකාරවත් වූවකි. අසවලා අසවල් තැනින් කැන්දාගෙන ‍යන බැව් ඉන් සංකේතවත් කරයි. ප්‍රසිද්ධිය ගෙ‍න යාම මෙයින් සිදු වේ.



--------------------------------------------------------------------------------------------------------------







  • මනාලයාගේ පාර්ශවයේ උත්සවය

         සිය මනාලිය ස්වකීය නිවසට කැන්දාගෙන ඒම මනාලයාගේ පාර්ශවයේ උත්සවය ආරම්භ වේ. මෙය ‘දෙවැනි ගමන් යාම’ ලෙස සිංහල විවාහයන්හි වේ.  එදා, අද මෙන් ‘මධුසමය’ සඳහා පිටත් ව යාමක් නොතිබුන අතර, මනාලියගේ නිවසින් මනාලයාගේ නිවස වෙත ගමන් ඇරඹයි.




0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Blogger Theme by Lasantha - Premium Blogger Templates | Affiliate Network Reviews
මංගල දවස - MANGALA DAWASA