Saturday, August 2, 2014

විවාහය

 විවාහය

තරුණ වියට එළඹුන පසු තමන්ට සුදුසු අයකු සමග විවාහ ගිවිසගෙන සාර්ථක ජීවිතයක් ගතකිරීමයි අරමුණ. විවාහය මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට මෙන්ම ජීවිතයේ සුරක්ෂිත භාවයටද වැදගත් වන්නකි. සමාජයේ දෙමව්පියන් හා දරුවන් අතර බැඳීම වැඩිය. විවාහයෙන් පසුව ද ඔවුන් සමග එක නිවසක ජීවත්වීම සිදුවෙයි. එම නිසා විවාහය සිදුවිය යුත්තේ දෙමව්පියන්ගේ ද කැමැත්තෙනි. සියලු බාධක මැඬගෙන සතුටින් ජීවත්වීමට අපට හැකි යැයි සිතන දරුවන් මව්පියන්ගේ කැමැත්තට පිටුපාන අවස්ථා තිබේ. නමුත් අප ජීවිතයේ වැදගත් හැම දෙයක්ම කල යුත්තේ මව්පියන්ගේ ආශිර්වාදයෙනි.
ඇතැම් තරුණ තරුණියො පෙම් සබඳකම් ඇති කරගනිති. සුදුසු වයසේද පේ‍්‍රම සම්බන්ධතා ඇතිකරගත යුත්තේ සාරවත් විවාහ ජීවිතයක් ගත කිරීමේ සැබෑ වුවමනාවකිනි.
මව්පියන් සමග දැඩි බැඳීමකින් සිටින, ඔවුන්ගෙන් වෙන්ව ජීවත් වීමට අපහසු අය මව්පියන්ගේ කැමැත්තට අවනතව කටයුතු කළ යුතුය.
විවාහ වු පසු කවුරුන් කැමැති වුවත් නොවුවත් ජීවිතය ගෙන යන්නේ විවාහ ගිවිස ගන්නා දෙදෙනාය. දරුවන්ගේ විවාහ ජීවිතවලට අනවශ්‍ය බලපෑම් නොකර කිසියම් ප්‍රශ්නයක් තිබෙනවා නම්, ඔවුන් නොමග යන බව පෙනේ නම්, සුහදව එය පෙන්වා දීම වැඩිහිටි වගකීමකි. නමුත් ඔවුන්ගේ සමගිය නැතිවන අනවශ්‍ය බලපෑම් නොකළ යුතුය. විවාහ ජිවිත‍යේ වටීනා තේරුම්  ඩිවිත යථාර්කයට මුහුණ දෙමු....!

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Blogger Theme by Lasantha - Premium Blogger Templates | Affiliate Network Reviews
මංගල දවස - MANGALA DAWASA