Saturday, August 2, 2014

සිංහල විවාහයේ අංග 02





සිංහල විවාහයේ අංග 02

  • මංගල ආරාධනය

    නැකැත් දීමෙන් විවාහය ගිවිස අනතුරුව සතියකට දෙකකට පමණ කලින් දෙපාර්ශවයේ අය තම නෑයන්ගේ ගෙවල්වලට ගොස් මඟුල් කෑමට එන ලෙසට වැඩිහිටියෙකු ලවා ආරාධනය කෙරේ. පිත්තල හෙප්පුවක හෝ රිදී බන්දේසියක බුලත් තබා සුදු ලේන්සු‍වකින් වසා බුලත් දීම, බුලත් හුරුලු දීම, හසුන් පත් යැවීම ආදී වශයෙන් ආරාධනා කිරීම උඩරට හා පහතරට සිරිතයයි.

---------------------------------------------------------------------------------------------------------------
  • මංගල පෝරුව

       නූතනයේ මෙන් පුරාණහි කුලියට මංගල පෝරු නොමැත. එය ද මංගල්‍යයට දින කිහිපයකට පෙර සුභ හෝරාවකින් සාදයි. සුභ දිසාවට මුහුණලා සිටින සේ එය නිර්මාණය වන සේම, පෝරුව මතට පාවාඩ එළීම හා එයට උඩින් වියන් බැඳීම  සිදු  වේ. නියම වූ සුභ හොරාවෙහි මනාල යුවළ පෝරුවට නැංවීම සිදු කරනුයේ ඔවුනගේ මාමලා විසිනි. නියමිත දිසාව බලා පෝරුවට නංවන මොහොතේ මඟුල් බෙර වැයීම ලබයි.
      පෝරු‍වේ චාරිත්‍ර ලෙස, මනාලයා පළමුව සිය මනාලියට තැලි-පිළි පළඳවයි. පසුව මනාලිය විසින්  මනාලයාට මුදුවක් පළඳවයි. ඉන් පසු, පවුලේ වැඩිහිටියෙකු විසින් දෙදෙනාගේ සුළැඟිලි පිරිත් නූලකින් බැඳ අත් පැන් වැඩීම සිදු කරයි. පසුව, මනාලිය විසින් තම මෑණියන්ට කිරිකඩ සේලයක් පිරිනමා,බුලත් අතක් දී ඇගේ දෙපා නමදියි. මනාලියගේ මව එය හිස මත තබා පිළිගනි. යුවලගේ සුළැඟිලි බැඳ අත් පැන් වඩන විට කන්‍යා ලඳුන් විසින් ‘ජයමංගල ගාථා’ කියනු ලබන අතර, පෝරුවෙන් බසිනවාත් සමඟම පොල් ගෙඩියක් පිහියෙන් ගසා දෙපලූ කරනු  ලබයි.


---------------------------------------------------------------------------------------------------------------
  • කැන්දම් ඒම

      මනාල පාර්ශවයේ පිරිස මනාලිය ‘කැන්දන් ඒමට’ නැකතකට අනුව පිටත් වන අතර, එය සිරිත් විරිත් සියල්ල සිදුවුයේ ආගමික වතාවත් කිරිමෙන් අනතුරුවය.

     අතීතයේ ජෝඩුව වෙනුවෙන් සුදු ගොන් හා ගෙජ්ජි බැඳි කරත්තයක් සරසන ලදී. සෙසු ඥාතීන් සඳහා වෙන වෙනම කරත්ත යොදා ගැණින.නමුදු අද වන විටඑකී තත්ත්වය කුලී මෝටර් රථ දක්වා වර්ධනය වී ඇත.මනාලිය කැන්දන් ඒමට මනාලයාගේ මව,පියා ඇතුළු හතරවරිගේ ප්‍රධාන නෑදෑයින් මෙ‍ම විවාහ මංගල උත්සවයට සහ-සම්බන්ධ වෙයි.






0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Blogger Theme by Lasantha - Premium Blogger Templates | Affiliate Network Reviews
මංගල දවස - MANGALA DAWASA