Saturday, August 2, 2014

හින්දු මංගල උත්සවය

හින්දු මංගල උත්සවය

 

මෙම උත්සවය පුරුෂයෙකුගේ සහ ගැහැණියකගේ බාහිර සහ ආධ්‍යාත්මික එක්වීම නිරූපණය කරයි. හින්දු සංස්කෘතියේ බලපෑම නිසා බෞද්ධ විවාහයන් “නැකත්” නමින් හඳුන්වන සුභ වේලාවන් සඳහා ප්‍රමුකත්වය ලබා දී ඒ අනුව සිදු කරනු ලබයි.. 

  • විවාහ ගිවිස ගැනීමේදී බුලත් කොළ සහ පුවක්, මංගල යුවල විසින් එකිනෙකා අතර මාරු කර ගනී. මනමාලයා විසින් මනමාලිය සඳහා තාලිය සැදීමට රත්තරන්, පවුලේ රන්කරුවා හට ප්‍රදානය කරයි.පසුව මනමාලියගේ සහෝදරයා සහ අනෙකුත් ඥාතින් හිත්මිත්‍රාදීන් මනාලයාගේ නිවසට ගොස්, ඔහුට තලප්පාවක් පිරිනමා, උත්සවය වෙත යයි.මෙහිදි, මනමාලියගේ නිවසින් මනමාලයාට මල් මලාවක් දමා පිළිගනියි. තෝලන් ඔහුගේ දෙපයට ලෝකඩ භාජනයකින් ජලය වත් අතර, එවිට ඔහු තෝලන්ට රන් මුදුවක් පිරිණමයි. අාශිර්වාදයක් ලෙස ස්ත්‍රීන් දෙදෙනෙකු කෙසෙල් , පහන් තිර බඳුනක තබා ආරතී කරයි. 

  • පූජකයා නැකැත් වේලාවේදී  ශුද්ධ ජලයෙන් චාරිත්‍රය සිදු කරන ප්‍රදේශය පිරිසිදු කර, පසු ගණදෙවියන්ට අඳහයි.පසු දෙපාර්ශවයෙන්ම විවාහක කාන්තාවන් තුන්දෙනෙකු හෝ පස්දෙනෙකු පූජාවක් පවතවයි.මනාලිය පැමිණි පසු අයටද පවිත්‍රම් වතාවත් කරයි. ඉන්පසු ශිව පාර්වතී නැත්හොත්  චාරිත්‍ර වර්ග ඉටු කරයි. ඉන්පසු  පූජනීය ගින්දර දල්වා අග්නි දෙවියන්ට හට මෙම විවාහයේ සාක්ෂි දරන මෙන් ඉල්ලා සිටියි.පසුව,දෙපාර්ශවයෙන්ම පුරුෂයන් තිදෙනෙක් මෙම විවාහයේ සාක්ෂි දැරීමට පවසයි. මනාලියගේ පියා විසින් මනමාලිගේ දෑත මත බුලත් කොළයක් සහ පොල් ගෙඩියක් තබා , නැවත එය මනමාලයාගේ දැතින් තබන අතර, ආර්ක්ෂාව සහ පෝෂණය  මෙමගින් සංකේතවත් වේ. පසු මනාලයාහට රන් කාසියක් දීමෙන් මනාලියව හුට භාර දීම නිරූපිතයි.


 

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Blogger Theme by Lasantha - Premium Blogger Templates | Affiliate Network Reviews
මංගල දවස - MANGALA DAWASA