මංගලම් ජය මංගලම්...!"මංගල දවස STUDIO වෙතින්
"මංගල වීඩීයෝ කලාවේ විප්ලවීය වෙනස අභියෝගාත්මක වීඩීයෝ කලාවේ මහ ගෙදර"

මංගලම් ජය මංගලම්...!"මංගල දවස STUDIO වෙතින්
"මංගල වීඩීයෝ කලාවේ විප්ලවීය වෙනස අභියෝගාත්මක වීඩීයෝ කලාවේ මහ ගෙදර"

මංගලම් ජය මංගලම්...!"මංගල දවස STUDIO වෙතින්
"මංගල වීඩීයෝ කලාවේ විප්ලවීය වෙනස අභියෝගාත්මක වීඩීයෝ කලාවේ මහ ගෙදර"

Sunday, November 9, 2014
Wednesday, November 5, 2014
Monday, November 3, 2014
Friday, October 31, 2014
Monday, October 27, 2014
Sunday, October 26, 2014
Friday, August 22, 2014
Thursday, August 14, 2014
Friday, August 8, 2014
Sunday, August 3, 2014
Saturday, August 2, 2014
සිංහල විවාහයේ අංග 03
- මංගල භෝජනය
මංගල භෝජන සංග්‍රහය අවස්ථා 04 කින් යුක්ත විය.
- ලාදර බත :- මඟුල් ගෙදරට උදව් පදව් කළ නෑදෑයන් වෙනුවෙන් දෙනු ලබන බතයි.
- ආදර බත :- මංගල භෝජනයයි.
- කෑදර බත :- මඟුල් ගෙදරට වෙහෙස මහන්සි වූ නෑදෑ හිතවතුන් වෙනුවෙන් දෙනු ලබන බතයි.
- යෝදර බත :- පසුදා මනාලයා දෙනු ලබන විශේෂ බතයි.
--------------------------------------------------------------------------------------------------------------
යුවලට ආශිර්වාද
--------------------------------------------------------------------------------------------------------------
මංගල පෙරහැර
--------------------------------------------------------------------------------------------------------------
මනාලයාගේ පාර්ශවයේ උත්සවය
සිංහල විවාහයේ අංග 02
සිංහල විවාහයේ අංග 02
මංගල ආරාධනය
---------------------------------------------------------------------------------------------------------------
මංගල පෝරුව
පෝරුවේ චාරිත්‍ර ලෙස, මනාලයා පළමුව සිය මනාලියට තැලි-පිළි පළඳවයි. පසුව මනාලිය විසින් මනාලයාට මුදුවක් පළඳවයි. ඉන් පසු, පවුලේ වැඩිහිටියෙකු විසින් දෙදෙනාගේ සුළැඟිලි පිරිත් නූලකින් බැඳ අත් පැන් වැඩීම සිදු කරයි. පසුව, මනාලිය විසින් තම මෑණියන්ට කිරිකඩ සේලයක් පිරිනමා,බුලත් අතක් දී ඇගේ දෙපා නමදියි. මනාලියගේ මව එය හිස මත තබා පිළිගනි. යුවලගේ සුළැඟිලි බැඳ අත් පැන් වඩන විට කන්‍යා ලඳුන් විසින් ‘ජයමංගල ගාථා’ කියනු ලබන අතර, පෝරුවෙන් බසිනවාත් සමඟම පොල් ගෙඩියක් පිහියෙන් ගසා දෙපලූ කරනු ලබයි.
---------------------------------------------------------------------------------------------------------------
කැන්දම් ඒම
අතීතයේ ජෝඩුව වෙනුවෙන් සුදු ගොන් හා ගෙජ්ජි බැඳි කරත්තයක් සරසන ලදී. සෙසු ඥාතීන් සඳහා වෙන වෙනම කරත්ත යොදා ගැණින.නමුදු අද වන විටඑකී තත්ත්වය කුලී මෝටර් රථ දක්වා වර්ධනය වී ඇත.මනාලිය කැන්දන් ඒමට මනාලයාගේ මව,පියා ඇතුළු හතරවරිගේ ප්‍රධාන නෑදෑයින් මෙම විවාහ මංගල උත්සවයට සහ-සම්බන්ධ වෙයි.
සිංහල විවාහයේ අංග 01
සිංහල විවාහයේ අංග 01
පොරොන්දම් බැලීම
--------------------------------------------------------------------------------------------------------
මංගල උත්සවය
--------------------------------------------------------------------------------------------------------
නැකැත් පත්‍රය
සිංහල විවාහය
සිංහල විවාහය
'සීංහල විවාහයක්' බවට දුටුවන්ගේ නෙත් සිත් පිනවන්නකි.
- පුරාණයේ සිංහල සමාජයේ විවාහ ක්‍රම
- දීග විවාහ
- බින්න විවාහ
දීග විවාහ
බින්න විවාහ
මුස්ලිම් විවාහය
මුස්ලිම් විවාහය
පළමුව විවාහය ලේඛනගත කිරිම,මුස්ලිම් දේවස්ථානයක පවතවන අතර විවාහා වන යුවලගේ පිරිමි අය
සහභාගී වේ.මංගල
මුදුව මනාලියගේ පියා මනමාලයා හට පළඳවන අතර ලියාපදිංචි කිරීමෙන් පසු
මනාලියට ත්‍යාගයක් පිරිනමයි.
පසුව විවාහ මංගල උත්සවයට පිටවීමට පෙර මනාලයා හා මනාලිය හැම වැඩිහිටියන්ගෙන් ආශීර්වාද ලබා ගනී.
කිතුනු මංගල උත්සවය
කිතුනු මංගල උත්සවය
කිතුනු මංගල්‍යයන් සඳහා නිශ්චිත ඇඳුමක් හෝ නීති රීති නොමැති අතර දේවස්ථානය
තුල දෙදෙනාගේ තම විවාහ චාරිත්‍ර සිදුකිරීමට කටයුතු කරනු ලබයි.
හින්දු මංගල උත්සවය
හින්දු මංගල උත්සවය
මෙම උත්සවය පුරුෂයෙකුගේ සහ ගැහැණියකගේ බාහිර සහ ආධ්‍යාත්මික එක්වීම නිරූපණය කරයි. හින්දු සංස්කෘතියේ බලපෑම නිසා බෞද්ධ විවාහයන් “නැකත්” නමින් හඳුන්වන සුභ වේලාවන් සඳහා ප්‍රමුකත්වය ලබා දී ඒ අනුව සිදු කරනු ලබයි..
විවාහ ගිවිස ගැනීමේදී බුලත් කොළ සහ පුවක්, මංගල යුවල විසින් එකිනෙකා අතර මාරු කර ගනී. මනමාලයා විසින් මනමාලිය සඳහා තාලිය සැදීමට රත්තරන්, පවුලේ රන්කරුවා හට ප්‍රදානය කරයි.පසුව මනමාලියගේ සහෝදරයා සහ අනෙකුත් ඥාතින් හිත්මිත්‍රාදීන් මනාලයාගේ නිවසට ගොස්, ඔහුට තලප්පාවක් පිරිනමා, උත්සවය වෙත යයි.මෙහිදි, මනමාලියගේ නිවසින් මනමාලයාට මල් මලාවක් දමා පිළිගනියි. තෝලන් ඔහුගේ දෙපයට ලෝකඩ භාජනයකින් ජලය වත් අතර, එවිට ඔහු තෝලන්ට රන් මුදුවක් පිරිණමයි. අාශිර්වාදයක් ලෙස ස්ත්‍රීන් දෙදෙනෙකු කෙසෙල් , පහන් තිර බඳුනක තබා ආරතී කරයි.
පූජකයා නැකැත් වේලාවේදී ශුද්ධ ජලයෙන් චාරිත්‍රය සිදු කරන ප්‍රදේශය පිරිසිදු කර, පසු ගණදෙවියන්ට අඳහයි.පසු දෙපාර්ශවයෙන්ම විවාහක කාන්තාවන් තුන්දෙනෙකු හෝ පස්දෙනෙකු පූජාවක් පවතවයි.මනාලිය පැමිණි පසු අයටද පවිත්‍රම් වතාවත් කරයි. ඉන්පසු ශිව පාර්වතී නැත්හොත් චාරිත්‍ර වර්ග ඉටු කරයි. ඉන්පසු පූජනීය ගින්දර දල්වා අග්නි දෙවියන්ට හට මෙම විවාහයේ සාක්ෂි දරන මෙන් ඉල්ලා සිටියි.පසුව,දෙපාර්ශවයෙන්ම පුරුෂයන් තිදෙනෙක් මෙම විවාහයේ සාක්ෂි දැරීමට පවසයි. මනාලියගේ පියා විසින් මනමාලිගේ දෑත මත බුලත් කොළයක් සහ පොල් ගෙඩියක් තබා , නැවත එය මනමාලයාගේ දැතින් තබන අතර, ආර්ක්ෂාව සහ පෝෂණය මෙමගින් සංකේතවත් වේ. පසු මනාලයාහට රන් කාසියක් දීමෙන් මනාලියව හුට භාර දීම නිරූපිතයි.
විවාහය ගැන
විවාහය ගැන
මානව ශිෂ්ටාචාරය සම්බන්ධ අධ්‍යන්‍යන්හි අතිශය වැදගත් තේමාවක් වු ‘විවාහය’
නම් සංස්ථාව මිනිසා පිළිබඳ වෘත්තාන්තයෙහි, එක් වැදගත් සන්ධිස්ථානයක්
සනිටුහන් කරයි . විශේෂයෙන්,මානව සංහතිය උදෙසා අවශ්‍ය ප්‍රජාව බිහි කරන
නෛතික පදනම හිමිවනුයේ ද,ස්ත්‍රියක් හා පුරුෂයෙක් විවාහ සංස්ථාවට ඇතුළු
වීමෙනි. ඒ අනුව විවාහය,සභ්‍ය සමාජයේ නීත්‍යානුකූල ක්‍රියාකාරී සංස්ථාවක් වී
ඇත. විවාහ ජීව්තය නම් ස්වාමියා හා භාර්යාව අන්‍යෝන්‍ය ගෞරවය හා
ප්‍රේමය පදනම් කරගෙන ගත කරන්නා වු චර්යා මාර්ගයක් වෙයි.
විවාහය
විවාහය
තරුණ වියට එළඹුන පසු තමන්ට සුදුසු අයකු සමග විවාහ ගිවිසගෙන සාර්ථක
ජීවිතයක් ගතකිරීමයි අරමුණ. විවාහය මනුෂ්‍ය වර්ගයාගේ
පැවැත්මට මෙන්ම ජීවිතයේ සුරක්ෂිත භාවයටද වැදගත් වන්නකි. සමාජයේ
දෙමව්පියන් හා දරුවන් අතර බැඳීම වැඩිය. විවාහයෙන් පසුව ද ඔවුන් සමග එක
නිවසක ජීවත්වීම සිදුවෙයි. එම නිසා විවාහය සිදුවිය යුත්තේ දෙමව්පියන්ගේ
ද කැමැත්තෙනි. සියලු බාධක මැඬගෙන සතුටින් ජීවත්වීමට අපට හැකි යැයි සිතන
දරුවන් මව්පියන්ගේ කැමැත්තට පිටුපාන අවස්ථා තිබේ. නමුත් අප ජීවිතයේ වැදගත් හැම දෙයක්ම
කල යුත්තේ මව්පියන්ගේ ආශිර්වාදයෙනි.
ඇතැම් තරුණ තරුණියො පෙම් සබඳකම් ඇති කරගනිති. සුදුසු වයසේද පේ‍්‍රම
සම්බන්ධතා ඇතිකරගත යුත්තේ සාරවත් විවාහ ජීවිතයක් ගත කිරීමේ සැබෑ
වුවමනාවකිනි.
මව්පියන් සමග දැඩි බැඳීමකින් සිටින, ඔවුන්ගෙන් වෙන්ව ජීවත් වීමට අපහසු
අය මව්පියන්ගේ කැමැත්තට අවනතව කටයුතු කළ යුතුය.
විවාහ වු පසු කවුරුන් කැමැති වුවත් නොවුවත් ජීවිතය ගෙන යන්නේ විවාහ ගිවිස ගන්නා
දෙදෙනාය. දරුවන්ගේ විවාහ ජීවිතවලට අනවශ්‍ය බලපෑම් නොකර කිසියම්
ප්‍රශ්නයක් තිබෙනවා නම්, ඔවුන් නොමග යන බව පෙනේ නම්, සුහදව එය පෙන්වා
දීම වැඩිහිටි වගකීමකි. නමුත් ඔවුන්ගේ සමගිය නැතිවන අනවශ්‍ය බලපෑම් නොකළ
යුතුය. විවාහ ජිවිතයේ වටීනා තේරුම් ඩිවිත යථාර්කයට මුහුණ දෙමු....!
මංගල දවස: අපගේ අරමුණ
මානව ශිෂ්ටාචාරය සම්බන්ධවහි වැදගත්ම තේමාවක් වනුයේ "විවාහය"යි.
ඒ සොදුරු දවස සුන්දර මතකයක් කරන්නේමු අපි.
දැඟිලි පටලා මංගල කුමර කුමරියන් මංගල කිරුළ පළඳින්නේ තම ජිවිතයේ අලුත් පියවරක් කරාය. එය සැබවින්ම ජිවිතයේ සොදුරු මතක සැමරුමකි."මතකයන් අප වෙත පවතින තුරා ඊයේ ඉතිරිව පවතී.බලාපොරොත්තු අප තුළ පවතින තුරා හෙට දින බලා සිටී.සුන්දර මතකයන් අප තුළ පවතින තුරා අද දින පිබිදී තිබේ. "
බොහොමයක් මතකයන් අප තුළ ගොඩ නැඟි ඇත.ඒ මතක සුන්දර වන තරමට ජිවිතයේ සතුට සැමදා ජිවත් වනු ඇත.
හුදෙක් අද සමාජයේ එම සුන්දර විවාහ දිනය සුරාකන ව්‍යපාරයක් වී හමාරය.ඒ එම දිනය සුන්දර දිනයක් හෙයින් අප සැවොම ඒ දවසට ප්‍රිය කරන නිසාවෙනි. ඒ හේතුවෙන් අපි නොදනුවත්ව සුරා කන විඩීයෝකරණයන් සඳහා නිරපරාදේ මුදල් වැය කරති.
20 අවුරුද්දක් මෙම ක්ෂේත්‍රෙය් ප්‍රවීණයකු වන අප එවැනි සුරාකන මුදලාලීලා නොවෙමු.
සත්‍ය ලෙස ඔබ මොනවා දුටුවත්, බොරුව ලෙස ඔබ මොනවා දුටුවත් සාදාරණීය විස්වාසනීය සේවයක් සපයන්නේමු.
කාලය සැමදා ඉඟිල ගියත් ඔබ වෙනුවෙන් වටිනා,අනගි සේවයක් ලබා දිම අපේ අරමුණ වන්නේමු..!
අපෙන් හොඳම වීඩීයෝකරණය
"මංගල වීඩීයෝ කලාවේ විප්ලවීය වෙනස අභියෝගාත්මක වීඩීයෝ කලාවේ මහ ගෙදර"
මංගල දවස STUDIO
මංගල දවස STUDIO
අඩුම මිලට අපෙන් හොඳම වීඩීයෝකරණය
20 වසරක අත්දැකිම් සමුදායත් සමඟ
ඔබේ මංගල දිනයට පහසු මිලට HD වීඩීයෝ කරණය සහන මිලට අපේන් ලබා ගන්න. අදම අපව අමතන්න. 0713902524/ 0774902524
ස්තූතියි...!
අපි ගැන
"මංගල වීඩීයෝ කලාවේ විප්ලවීය වෙනස අභියෝගාත්මක වීඩීයෝ කලාවේ මහ ගෙදර"
මංගල දවස STUDIO
ත්‍රිකුණාමලය, අනුරාධපුර, නිලාවේලී, නුවරඑළිය, මහනුවර,බදුල්ල,මොනරාගල, හලාවත, මීගමුව, ගාල්ල, මාතර, කතරගම, තිස්සමහාරාමය, ඈත ගම් දනව් සිසාරා මංගල වීඩීයෝකරණයේ විශිෂ්ඨ සේවයේ අප ආ ගම් මඟ විසි වසරකි.
මහේන්ද්‍ර විරසිංහ නම් ඔහු සිය පියගේ ඡයාරුප කළාවේ අඩිපාරේ යමින්, දළ සේයා පට හා V.H.S පටල යුගයේ සිටම නවීන ඩිජිටල් HD තාක්ෂණයට අවතීරණය වෙමින්, වසර කිහිපයක සිට ප්‍රවෘත්ති මාධ්‍යෙව්දියකු ලෙස රෑපවාහිනි, ගුවන්විදුලි, පුවත්පත් රැසක මධ්‍ය මෙහෙවරක නිරත විය.
මංගල දවස 'පෝස්ටරය ' ලංකාවේ මුලින්ම ඇරඔුයේ ඔහුය. එය මෙම ක්ෂේත්‍රයේ සිටින බොහෝ දෙනෙකුට භීතියක්, අභියෝගාත්මක උඩු යටිකුරු වී ගියේද ; අප නොබියව ප්‍රසිද්ධ කළ මිල ගනන් අනුවය.
හතු මෙන් පිපෙන කාලයක මංගල දවස ගසාකන මංගල කලාකරුවන් නොව මුදලාලීලා බිහිවන යුගයක ගෞරවනීය සාධාරනීයව, මංගල දවස එලෙසින්ම ටෙලි නාට්‍යක් නොව, බුද්ධිමත්ව සිතන
රාජ්‍ය පෞද්ගලික අංශයේ පාරිභෝගික රජුන් රැජිනියන් වෙනුවෙන් "මංගල දවස " අපගේ සේවය දිග හැරේ.
කියන්න අප ගැන, ඔබේ මිතුරන්ට, හිතවතුන්ට, ඥතින්ට
ටෙලි: 0774902524/ 0713902524
අමතන්න
"වීඩීයෝ කලාවේ විප්ලවීය වෙනස අභියෝගාත්මක වීඩීයෝ කලාවේ මහ ගෙදර"
මංගල දවස STUDIO
ඔබගේ සුන්දර, සොදුරු, ආදරබර ඒ සොදුරු මොහොත වු මංගල දිනය සිහින සඵල වන සොදුරු ඒදවස මතකයේ දවසක් කර දීමට අප සුදානම්.ඔබ වෙනුවෙන් අපගේ සේවාව පැය 24ම විවෘතයි. අදම අපව අමතන්න.
කියන්න අප ගැන, ඔබේ මිතුරන්ට හිතවතුන්ට, ඥතින්ට
ටෙලි : 0774902524/ 0713902524
Saturday, July 26, 2014
මංගල්‍යය යනු
මානව ශිෂ්ටාචාරය සම්බන්ධ හි ඉතා වැදගත් තේමාවක් වනුයේ 'විවාහය' යි.,මානව සංහතිය උදෙසා අවශ්‍ය ප්‍රජාව බිහි කරන පදනම හිමිවනුයේ ද,ස්ත්‍රියක් හා පුරුෂයෙක් විවාහ සංස්ථාවට ඇතුළු වීමෙනි. විවාහ ජීව්තය නම් ස්වාමියා හා භාර්යාව අන්‍යෝන්‍ය ගෞරවය හා ප්‍රේමය පදනම් කරගෙන ගත කරන්නා වු චර්යා මාර්ගයකි..
ඔබ විවාහ වෙන්න සුදුසු වයසක සිටිනවා නම්, ඔබට විවාහ වීමට කෙනෙකු සිටිනවා නම් විවාහ උත්සවයක් ගැන ඔබ සුන්දර සිහින දකිනවා ඇති.එ් දවස සුන්දර මතකයක් කරන්නේමු අපි.!
ඒ සිහිනය සැබෑ වන දවස සොදුරු මතකයක් කර ගන්න....
අප හා සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න